2026-11-24 19:26:00 Hours
මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ආරක්ෂිතව හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
එහි එන්ජින් කාමරයට ජලය ඇතුළු වීම හේතුවෙන් නෞකාව ක්‍රියා විරහිත වී ඇති බවයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කළේ.
සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කළ MV AAL Gibraltar නමැති මෙම නෞකාව මීටර් 160කට ආසන්න දිගකින් යුක්ත වන අතර, කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේදී එහි ටොන් 23,000ක පමණ භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බව වාර්තා වනවා.
නෞකාව ක්‍රියා විරහිත වීමෙන් පසු ටග් යාත්‍රා හතරක ආධාරයෙන් එය වරාය පරිශ්‍රයට ඇදගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.
නෞකාව වරායට ඇතුළු කර ගැනීමට අවශ්‍ය අවසර ලැබෙන තෙක් මුහුදේ රැඳී සිටි කාලය තුළ අවස්ථා තුනකදී වරාය මගින් අවශ්‍ය සහාය ලබාදුන් බව ද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කළා.
මේ වන විට අලුත්වැඩියා කටයුතු සඳහා වෙන්කර ඇති ස්ථානයක නෞකාව රඳවා ඇති අතර, එම කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම මෙරට දේශීය නියෝජිත සමාගම වෙත පවරා තිබෙනවා.
කෙසේ වෙතත්, නෞකාව යළි පිටත්ව යන දිනය මෙතෙක් තහවුරු කර නැහැ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk