2026-11-23 09:41:00 Hours
පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) සම්බන්ධයෙන් යළිත් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර් සහ උස්මාන් කවාජා ෆොක්ස් ක්‍රිකට් විස්තර විචාරක මණ්ඩලයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
ෆොක්ස් ස්පෝර්ට්ස් කළමනාකාර අධ්යක්ෂ ස්ටීව් ක්‍රෝලි පවසන්නේ මතභේදය හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනාට එල්ල වන පීඩනයෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, මෙය ස්ථිර ඉවත් කිරීමක් නොවන බව සඳහන්. එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විස්සයි20 තරගාවලිය අතරතුර ඔවුන් දෙදෙනා රූපවාහිනී විස්තර විචාරයෙන් ඉවත්ව සිටිනු ඇත.
2018 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර සිදුවූ පන්දුව පළුදු කිරීමේ සැලැස්ම පිළිබඳව මුලින් දඬුවම් ලැබූ ක්‍රීඩකයන් තිදෙනාට අමතරව තවත් පිරිසක් දැනුවත්ව සිටි බව උස්මාන් කවාජා සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කිරීමත් සමඟ මෙම මතභේදය යළි කරළියට පැමිණියා.
කවාජාගේ ප්‍රකාශයට ඩේවිඩ් වෝනර් ද ප්‍රසිද්ධියේ සහාය පළ කර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මුලින් සිදුකළ පරීක්ෂණය ද ඔහු ප්‍රශ්න කර තිබුණා.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පන්දුව පළුදු කිරීමේ සැලැස්ම පිළිබඳව තමන්ට කිසිදු පූර්ව දැනුමක් නොතිබූ බවයි.
මෙම සිද්ධිය හේතුවෙන් ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට තරග තහනම් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබුණා.
මේ අතර, මුල් පරීක්ෂණය යළි ආරම්භ කිරීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත් 2018 දකුණු අප්‍රිකානු සංචාරයට සම්බන්ධ වූවන්ට තම අදහස් සහ තොරතුරු බෙදාගැනීම සඳහා විශේෂ සංසදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මතභේදය මධ්‍යයේ වුවද ටෙස්ට් නායක පැට් කමින්ස්ට සිය පූර්ණ සහාය හිමිවන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය යළිත් තහවුරු කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk