2026-11-21 10:04 Hours
ආයෝජකයන් 2,000කට ආසන්න පිරිසකට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වී මුදල් රැස්කර එම මුදල් වංචා කිරීමේ චෝදනාව මත පෞද්ගලික සමාගම් දෙකක අධ්යක්ෂවරුන් දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, අදාළ සමාගම් දෙකේ අධ්යක්ෂවරුන් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි එම සමාගම් දෙක මඟින් සිදුකර ඇති බව කියන සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් බිලියන 4කට ආසන්න බවට අනාවරණය වී තිබෙනවා.
එම සමාගම් දෙකට අදාළව මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk