2026-11-15 09:25:00 Hours
තමන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බවත්, යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අරමුණක් නොමැති බවත් හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ඊයේ (14) සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.
මේ අතර, විජේසේකර පවුලේ තවත් සාමාජිකයෙකු මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම් වන බව වාර්තා වනවා.
ඒ අනුව කංචන විජේසේකර මහතාගේ බාප්පාගේ පුත්‍රයෙකු වන අග්බෝ විජේසේකර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර දේශපාලනයට පිවිසීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහු පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද සඳහන්.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අග්බෝ විජේසේකරට දේශපාලන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවට ද ආරංචිමාර්ග සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk