2026-08-20 18:32:00 Hours

ශිරාන් බාසික් සමඟ ගනුදෙනු කළ කතාවට ගැන පියුමි හංසමාලිගෙන් ප්‍රතිචාර


...

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් සමඟ මුදල් ගනුදෙනු සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාර සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ශිරාන් බාසික් නමැති පුද්ගලයා තමන් කිසිදු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවයි.

තමන් සතුව ඇත්තේ තමන් විසින් උපයාගත් මුදල් පමණක් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෝ වෙනත් පුද්ගලයන්ගේ මුදල් තමන් සතුව නොමැති බවත් ඇය අවධාරණය කර තිබෙනවා.

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරන බව පවසන පියුමි හංසමාලි, තමන් කිසිවිටෙකත් අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන බවද වැඩිදුරටත් සඳහන්.

මේ අතර, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය 14 වැනිදා මෙරටට රැගෙන එනු ලැබුවා.

ඔහු කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී තිබෙනවා.

අනතුරුව ඔහුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk