2026-11-23 16:31:00 Hours

පහළ කඩුගන්නාවෙන් කොළඹ - මහනුවර මාර්ගය අද රාත්‍රියේ වසා දමයි


...

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (23) රාත්‍රී 11 සිට හෙට (24) අලුයම 6 දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂිතව සිදුකිරීම සහ ඊට අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

එමෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය හරහා ද අදාළ සියලු පාර්ශ්වයන් වෙත දැනුම්දීම් සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව, අදාළ කාලසීමාව තුළ මෙම මාර්ගය භාවිත කිරීමට අපේක්ෂා කරන රියදුරන් සහ මහජනතාව විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk