2026-11-23 09:16:00 Hours
වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක තොග මිල ඉදිරියේදී රුපියල් 2,500 සීමාව ඉක්මවා යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එම සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් මහතා සඳහන් කළේ, රේගු භාරයේ රඳවා ඇති වියළි මිරිස් අඩංගු බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට පියවර නොගතහොත් වෙළෙඳපොළේ මිරිස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
මේ වනවිට වියළි මිරිස් අඩංගු බහාලුම් 120කට ආසන්න සංඛ්‍යාවක් රේගු ගබඩාවල රඳවා ඇති බව ද ඔහු සඳහන් කළා.
අදාළ ආනයනකරුවන් අවශ්‍ය ලේඛන කටයුතු සම්පූර්ණ කර, රේගු ගාස්තු ඇතුළු ගෙවීම් සිදුකර ඇති අතර පරීක්ෂණ කටයුතු ද අවසන් කර තිබෙනවා. එහෙත් ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් එම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මීට පෙර රුපියල් 1,050ක් පමණ වූ වියළි මිරිස් කිලෝවක මිල මේ වනවිට රුපියල් 2,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ද සුබ්‍රමනියම් මහතා සඳහන් කළා.
මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් මිල රුපියල් 2,500 සීමාව ඉක්මවා යා හැකි බවටයි ඔහු අනතුරු අඟවන්නේ.
වියළි මිරිස් කුඩු නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවලට ද මෙම තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් කර්මාන්තශාලා රැසක නිෂ්පාදන කටයුතු නතර කිරීමට සිදුව ඇති අතර, එමගින් ව්‍යාපාරිකයන්ට විශාල පාඩුවක් සිදුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.
එබැවින් රේගු භාරයේ ඇති වියළි මිරිස් තොග කඩිනමින් නිදහස් කර ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk