2026-11-23 19:14:00 Hours

යෝෂිත සහ වසන්ත දූෂණ චෝදනාවලට නිවැරදිකරුවන් බව කියයි


...

අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරු අද (23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ චෝදනා විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට කියවා දුන් අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කළ අතර, වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 10 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා.

2006 වසරේදී නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඒ අනුව, අදාළ චෝදනා සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk