2026-08-31 20:59:00 Hours

නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි


...

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මිය පිළියන්දල, වෑවල, ගංගාරාම ප්‍රදේශයේ නිවසක් තුළ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

පිළියන්දල පොලිසිය සඳහන් කළේ, ඇයගේ මරණය සැක කටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

අද (31) අලුයම බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කළ උත්සවයකින් අනතුරුව අදාළ ව්‍යාපාරිකයා සමඟ ඇය එම නිවසට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව ඇය නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිට ඇති අතර, ව්‍යාපාරිකයා ඇය අවදි කිරීමට උත්සාහ කළද ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් වැඩිදුරටත් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඇයගේ මුවින් රුධිරය වෑහී කොට්ටය මත තිබෙනු දැක ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයින් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී ඇය මියගොස් ඇති බව තහවුරු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk