2026-11-12 21:24:00 Hours
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන කොලෙට් ක්‍රෙස් අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජෙන්සන් හුවාංගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ ඔහු සම්බන්ධයෙන් මෑතකදී පළවූ විවාහයෙන් පිටත සබඳතා පිළිබඳ වාර්තා බව සඳහන්.
ඒ අතරින් එක් සබඳතාවක් සම්බන්ධයෙන් හුවාං මීට පෙර සිය බිරිඳගෙන් සමාව අයැද තිබෙනවා. අනෙක් සබඳතාව සම්බන්ධයෙන් Nvidia සමාගමේ විධායක නිලධාරිනියක සමඟ ඔහු සබඳතාවක් පැවැත්වූ බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.
එමෙන්ම, ඔහු සබඳතාවක් පැවැත්වූ බව කියන ඇලිස් හුවාං නමැති කාන්තාව චීන බුද්ධි අංශ සමඟ සම්බන්ධ බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම චෝදනා සම්බන්ධයෙන් Nvidia සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, අමෙරිකානු FBI ආයතනය ද විමර්ශන සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Nvidia සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ සමාගමේ රහස්‍ය තොරතුරු හෝ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු අවදානමකට ලක්වූ බවට මේ වන විට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk