2026-11-22 15:06:00 Hours
2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සහභාගී කර ගනිමින් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් බංග්ලාදේශයේදී පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය (BCB) යෝජනා කර තිබෙනවා.
පසුගියදා බාලි හිදී පැවති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හමුවක් අතරතුරදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකාවෙන් සහ පාකිස්තානයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.
අදාළ රටවල් දෙකේ ක්‍රිකට් පාලක මණ්ඩල මේ වනවිට යෝජනාව සලකා බලමින් සිටින අතර, අවසන් එකඟතාව ලැබීමෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.
2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 4 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
බංග්ලාදේශය අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබාදී ඇත්තේ 2016 වසරේදීයි.
එම තරගාවලිය විස්සයි20 ආකෘතියෙන් පැවති අතර, බංග්ලාදේශය අනුශූරතාව දිනාගත්තා.
තමීම් ඉක්බාල්ගේ සභාපතිත්වයෙන් යුත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන පළමු ප්‍රධාන අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය වන්නේ ද 2027 ආසියානු කුසලාන තරගාවලියයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk