2026-11-06 21:07:00 Hours

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේ - මැතිවරණ කොමිසම


...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයේ පාර්ශ්ව කිහිපයකට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, පක්ෂයේ නිලවරණය පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්ණායක සපුරාලීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස යළි ලියාපදිංචි වීමට ඉල්ලුම් කරන ලෙසයි කොමිසම දැනුම්දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

එම සාකච්ඡාවට දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් එක්ව සිටි බව සඳහන්.

මේ අතර, පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් මේ වන විට මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

එබැවින් පළමුව පක්ෂ නිලවරණය පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk