2026-07-31 14:05 Hours

යන්න හැදු රත්නශ්‍රීට ටිල්වින් යන්න එපා කියයි?


...

රත්නශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් සාදයක් සංවිධානය කර තිබුණා.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ තොරතුරු වාර්තා වී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දුරකථනයෙන් තමා ඇමතූ බවයි.

ඒ අනුව ධූරයට සුදුසු පුද්ගලයෙක් පත්කරන තෙක් මෙම ධුරයේ තවදුරටත් රැඳී සිටින මෙන් ටිල්වින් සිල්වා මහතා ඉල්ලීමක් කළ බවද රත්නශ්‍රී මෙහිදී සඳහන් කර තිබෙනවා.

ටිල්වින් සිල්වා මහතාගේ ඉල්ලීම සලකා බලමින් අනුප්‍රාප්තික පුද්ගලයෙක් ධූරයට තෝරා පත්කරන තෙක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කිරීමට රත්නශ්‍රී මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා.

ආණ්ඩුවේ සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ රත්නශ්‍රී මහතාගෙන් හිස් වන ධුරයට සුනිල් විජේසිරිවර්ධන මහතා නම් කිරීමට තීන්දු කර ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk