2026-11-24 17:57 Hours
ඉන්දියන් සාගරයේ සිදුවූ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව තහවුරු කර තිබෙනවා.
-------------------------------------------------------------------------------------------------------------------------------
මොරිෂස් සහ රියූනියන් කලාපයේ රික්ටර් මාපකයේ 6.5ක භූ කම්පනයක් (2026-11-24 17:57:00)
ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් කලාපය ආශ්‍රිතව අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, අද පස්වරු 4.36ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති එම භූ කම්පනයේ පිහිටීම අක්ෂාංශ 17.78 දකුණ සහ දේශාංශ 65.82 නැගෙනහිර ලෙස සටහන් වී තිබෙනවා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව විමසිලිමත්ව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, නවතම තොරතුරු සියලු මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුම් දීමට කටයුතු කරන බවත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk