2026-11-23 10:08:00 Hours
වැලිගම, මිදිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ගාල්ලේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ අදාළ ජීප් රථය ගැටී ඇති බවයි.
අනතුරින් STF නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk