2026-11-21 20:18:00 Hours
තම පාලන කාලයේ මාස 28ක් තුළ මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 6ක් දක්වා ඉහළ නැංවීමට හැකි වූ නමුත්, වත්මන් ආණ්ඩුවේ මාස 28ක පාලන කාලය තුළ විදේශ සංචිත ලෙස උපයාගෙන ඇත්තේ ඩොලර් බිලියනයක් පමණක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
තම පාලන සමයේ ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානුක කරුණාරත්න මහතා මතු කළ කරුණකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් මාස 28ක් තුළ විදේශ සංචිත ඩොලර් බිලියන 6ක් දක්වා ඉහළ නැංවූ බවත්, වත්මන් ආණ්ඩුව එම කාලය තුළ උපයාගෙන ඇත්තේ ඩොලර් බිලියනයක් පමණක් බවත්.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම අවසන් වූ පසු ආණ්ඩුව ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් වජිර අබේවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, "අයි.එම්.එෆ්. ගියත් මේ අයට රට කරගෙන යන්න බෑ" යනුවෙන්.
ආණ්ඩුව සතුව ප්‍රමාණවත් රුපියල් මුදල් පවතින බව ප්‍රකාශ කරන පසුබිමක, ඔවුන් ඇහුම්කන් දෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවටද නැතහොත් පැලවත්තේ දේශපාලන මණ්ඩලයටද යන්න ඉදිරියේදී දැකගත හැකි බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk