2026-11-19 20:39:00 Hours
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ල වන PIF Tower ඉලක්ක කර හූති කැරලිකරුවන් විසින් අද (19) මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
සෞදි රාජ්‍ය ස්වෛරී ආයෝජන අරමුදලේ මූලස්ථානය ද පිහිටි මෙම ගොඩනැගිල්ලේ තට්ටු අටක පමණ වීදුරු බිඳී ගොස් ඇති අතර, බාහිර ලෝහමය රාමුවට ද හානි සිදුව ඇති බව සඳහන්.
රියාද්හි කින්ග් අබ්දුල්ලා මූල්‍ය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලක් ඉලක්ක කර හූති කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කළ දෙවන අවස්ථාව මෙයයි.
මීට සති දෙකකට පෙර සෞදි රාජ්‍ය තෙල් සමාගමක් වන අරම්කෝ ආයතනයේ ගොඩනැගිල්ලකට ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
ප්‍රහාරයෙන් අනතුරුව කින්ග් අබ්දුල්ලා මූල්‍ය දිස්ත්‍රික්කයට පිවිසෙන සියලුම මාර්ග වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ගොඩනැගිලි තුළ සිටි පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානයට ගිනි නිවීමේ රථ සහ ගිලන්රථ ද කැඳවා තිබුණා.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නැහැ.
මේ අතර, සෞදි නායකත්වයෙන් යුත් මිත්‍ර හමුදාව ප්‍රකාශ කර ඇත්තේ රියාද් දෙසට එල්ල වූ හූති මිසයිල තර්ජනයට සාර්ථකව මුහුණ දුන් බවයි.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මිසයිල සුන්බුන් පතිත වීම හේතුවෙන් දේපළ හානි සිදුව ඇති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk