2026-09-07 17:27:00 Hours

TikTok දාන්න කමාන්ඩෝ නිල ඇඳුම ඇන්ද නිළිය සමාව ඉල්ලයි


...

යුධ හමුදා කමාන්ඩෝ බලකායේ නිල ඇඳුමෙන් සැරසී වීඩියෝවක් සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පිනී අයේෂා මධුෂානි සමස්ත කමාන්ඩෝ බලකායෙන්ම ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිනවා.

තමන් අතින් සිදු වූ නොදැනුවත්කම සහ එම නිල ඇඳුම කෙරෙහි පැවැති දැඩි ආශාව නිසාම මෙම වීඩියෝව ජංගම දුරකතනයෙන් ලබාගෙන මුදාහැරි බවයි ඇය පවසන්නේ.

එමෙන්ම මෙය තමන් රඟපාන ටෙලිනාට්‍යයේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව කළ එකක් බවත්, අදාළ ටෙලිනාට්‍යයේදී තමන් මෙම නිල ඇඳුමෙන් රංගනයෙන් දායක නොවන බවටද ඇය එම සටහනෙන් තහවුරු කර තිබෙනවා.

කමාන්ඩෝ නිල ඇඳුමේ ගෞරවය කෙලෙසීමේ හෝ අවභාවිත කිරීමේ කිසිදු අදහසක් තමන්ට නොතිබූ බවත්, රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ කමාන්ඩෝ බලකායේ උසස් නිලධාරීන් ඇතුළු සියලුම සාමාජිකයින්ගෙන් තමන් නැවත නැවතත් කණගාටුව පළ කරමින් සමාව අයදින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk