2026-11-18 21:08:00 Hours

IPL තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු නිදහස් කරයි


...

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස නිදහස් කළ ක්‍රීඩකයින් අතරට අයත්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දසුන් ශානක, ඒෂාන් මාලිංග සහ නුවන් තුෂාර තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගැනීමට අදාළ කණ්ඩායම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමත්, ඒෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමත්, නුවන් තුෂාර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත් විසින් රඳවාගෙන ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk