2026-10-01 20:46:00 Hours

රාජ්‍ය සේවයේ තනිකඩයන්ට මංගල සේවයක්


...

ජනගහන වර්ධන වේගය සහ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහළ යාම හේතුවෙන් සිංගප්පූරු රජය රාජ්‍ය සේවකයන් සඳහා ‘ෆස්ට් ඩේට්’ නමින් නව යෙදුමක් හඳුන්වා දී තිබෙනවා.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයද යොදාගෙන නිර්මාණය කර ඇති මෙම යෙදුම අවුරුදු 21ත් 35ත් අතර රාජ්‍ය සේවකයන් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බවයි සිංගප්පූරු රජය පවසන්නේ.

සාමාන්‍යයෙන් සහකරුවන් හෝ සහකාරියන් සොයාගැනීම සඳහා භාවිත කරන යෙදුම්වලට වඩා වෙනස්ව, මෙය රාජ්‍ය සේවයේ නිරත පිරිස වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති බව සඳහන්.

ජාතික ඩිජිටල් අනන්‍යතා පද්ධතිය හරහා ලියාපදිංචි වී, යෙදුම තුළ ලබාදෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් ඊට සම්බන්ධ විය හැකි අතර, ඒ හරහා ව්‍යාජ පුද්ගලයන්ගෙන් සිදුවිය හැකි වංචා අවම කිරීමටද හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ.

සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යාංශයේ සහායද මෙම යෙදුම නිර්මාණය කිරීම සඳහා ලබාදී ඇති බව සඳහන්.

මේ අතර, සිංගප්පූරුවේ උපත් අනුපාතිකය ඉතිහාසයේ පහළම මට්ටමට පැමිණ ඇති අතර, වසර 60කට පසු පළමු වරට 2025 වසරේදී එරට උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 30,000ට අඩු වී තිබෙනවා.

ඒ සමඟම එරට වැඩිහිටි ජනගහනයද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොං විසින් අලුත උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම වයස අවුරුදු 17 දක්වා සිංගප්පූරු ඩොලර් 70,000කට ආසන්න මුදලක් ලබාදීමේ නව ක්‍රමවේදයක්ද හඳුන්වා දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk