2026-11-18 07:47:00 Hours

ගහෙන් වැටුණු ශ්‍රී ලංකාවට ගොනෙකුත් අනී


...

පකිස්ථානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී මන්දගාමී පන්දුවාර පාලනය (Slow Over-rate) හේතුවෙන් ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් වලට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පනවන දඬුවම් පනවා තිබෙනවා.

රාවල්පිණ්ඩි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ක්‍රීඩාවේ නීතිරීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින්තරග තීරකවරයා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත කාලය තුළ යැවිය යුතු පන්දුවාර ප්‍රමාණයට වඩා පන්දුවාර 15ක් අඩුවෙන් යැවීම බරපතළ වරදක් ලෙස සැලකීමට ලක් විය. ඒ අනුව, කණ්ඩායමේ ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු 15ක් කප්පාදු කළ අතර, ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් 50%ක දැවැන්ත මූල්‍ය දඩයක් ද පැනවුණා.

පකිස්ථාන කණ්ඩායමට ඔවුන් නියමිත ප්‍රමාණයට වඩා පන්දුවාර 5ක් අඩුවෙන් යැවීම හේතුවෙන් ප්‍රසාද ලකුණු 5ක් අහිමි වූ අතර, ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් 25%ක මූල්‍ය දඩයක් නියම කෙරුණා.

ICC රෙගුලාසි අනුව, කණ්ඩායම් දෙකේම නායකයන් (කුසල් මෙන්ඩිස් සහ බාබර් අසාම්) තමන්ට එල්ල වූ චෝදනා කිසිදු පැකිලීමකින් තොරව පිළිගෙන යෝජිත දඬුවම් භාරගැනීම නිසා විධිමත් විභාගයකට මුහුණ දීමට සිදු නොවුණා.

මෙම දඬුවම් හේතුවෙන් 2025–2027 ලෝක ටෙස්ට් ශූරතා (WTC) ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයට සහ ලකුණු ප්‍රතිශතයට දැඩි බලපෑමක් එල්ල වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ලකුණු සටහනේ 07 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, ලකුණු 15ක් අහිමි වීමත් සමඟ 08 වැනි ස්ථානය දක්වා පහත වැටුණි. විශේෂයෙන්ම, 33.33%ක් ලෙස සටහන්ව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය (PCT) 15.47% (හෝ 15.48%) දක්වා ඉතා දැවැන්ත ලෙස කඩා වැටීම කණගාටුදායක තත්ත්වයකි.

එසේම පකිස්ථාන කණ්ඩායමට ලකුණු 5ක් අහිමි වීමත් සමඟ පකිස්ථානය ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 3.33% ක් සමඟින් ලකුණු සටහනේ 09 වැනි (අවසාන) ස්ථානයේ පසු වනවා.

2025-2027 ICC ලෝක ටෙස්ට් ශූරතා යාවත්කාලීන ප්‍රසාද ලකුණු සටහන * ???????? නවසීලන්තය – 72.22% * ???????? දකුණු අප්‍රිකාව – 71.43% * ???????? ඕස්ට්‍රේලියාව – 69.23% * ???????? ඉන්දියාව – 51.52% * ???????? බංග්ලාදේශය – 45.83% * ???????????????????????????? එංගලන්තය – 38.54% * ???? බටහිර ඉන්දීය කොදෙව් – 27.38% * ???????? ශ්‍රී ලංකාව – 15.48% * ???????? පකිස්ථානය – 3.33%

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී නියමිත වේලාවට පන්දුවාර යවා අවසන් කිරීම (Over-rate) අනිවාර්ය අංගයකි. කාලය නාස්ති කිරීම වැළැක්වීම සඳහා ICCය මෑතකදී මෙම දඬුවම් ක්‍රමවේදය ඉතා දැඩි කර ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලියකදී (WTC) අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා සෑම ප්‍රසාද ලකුණක්ම සහ ප්‍රතිශතයක්ම ඉතා තීරණාත්මක වන බැවින්, මෙවැනි දඬුවම් කණ්ඩායමක සමස්ත තරගාවලි ගමනට සෘජුවම බලපානු ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk