2026-11-20 12:56:00 Hours
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ GMR හී ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.
මහේලගේ මෙම නව තනතුර සම්බන්ධයෙන් වූ පුවත පළමු වරට මෙරට ක්‍රීඩාලෝලීන් වෙත අනාවරණය කළේ Lanka Live මාධ්‍ය ජාලයයි.
මේ අනුව ඉදිරි කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ සිට ඔහු එම තනතුරේ කටයුතු කිරීමට නියමිතයි.
කණ්ඩායමේ තරග සැලසුම් සකස් කිරීම, දක්ෂ ක්‍රීඩිකාවන් හඳුනාගැනීම මෙන්ම ක්‍රීඩිකාවන්ගේ සහ පුහුණු කාර්ය මණ්ඩලයේ දියුණුව සම්බන්ධයෙන් සියලු කටයුතු අධීක්ෂණය කිරීම ඔහුට පැවරී තිබෙනවා.
මහේල ජයවර්ධන මීට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, මෙම වසරේදී එම තනතුරෙන් ඉවත් වුණා.
ටෙස්ට් තරග 149කදී ලකුණු 11,814ක් සහ එක්දින තරග 448කදී ලකුණු 12,650ක් රැස්කර ඇති මහේල, 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ද වනවා.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල සඳහන් කර ඇත්තේ, කණ්ඩායමේ පවතින ශක්තීන් තවදුරටත් වර්ධනය කරමින් දක්ෂතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ශූරතාව සඳහා තරග කළ හැකි කණ්ඩායමක් ගොඩනැගීම සිය අරමුණ බවයි.
මහේල ජයවර්ධන මීට පෙර IPL තරගාවලියේදී දිල්ලි කණ්ඩායම නියෝජනය කර ඇති අතර, 2012 සහ 2013 වසරවලදී ඔහු ක්‍රීඩා කළ අවසන් IPL කණ්ඩායම වූයේ ද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ 2026 IPL තරගාවලිය දක්වා කටයුතු කළ මහේලගෙන් පසුව එහි ප්‍රධාන පුහුණුකරු ලෙස කිරන් පොලාඩ් පත්කරනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk