2026-10-29 16:37 Hours

ජාත්‍යන්තර ගුවන් සේවයකට එරෙහිව සංගක්කාරගෙන් ලොකු චෝදනාවක්


...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපොළේදී අමිහිරි අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබෙනවා.

ඒ, රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ හැසිරීම සම්බන්ධයෙන් ඇති වූ සිදුවීමක් හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර සඳහන් කර ඇත්තේ, තමන්ට සහ පවුලේ අයට මුහුණදීමට සිදුවූ අත්දැකීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.

එම සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද ඔහු පවසා තිබෙනවා.

ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය තමන්ට ආමන්ත්‍රණය කළ ආකාරය නුසුදුසු වූ බවත්, අදාළ ක්‍රියාපටිපාටි නිසි ලෙස අනුගමනය නොකළ බවත් සංගක්කාර සිය සටහනෙන් පෙන්වා දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, සිදුවීමට අදාළ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.

ඕනෑම මගියෙකුට මෙවැනි අත්දැකීමකට මුහුණදීමට සිදුවීම පිළිගත නොහැකි බව ද සංගක්කාර වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk