2026-11-23 19:29:00 Hours
ඉදිරියේදී තායිලන්තයේ නිල සංචාරයක නිරත වන ලෙස එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කර තිබෙනවා.
මෙරට නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ඊයේ (22) පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මෙම ආරාධනය සිදු කෙරුණා.
එහිදී ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළා.
තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජුගේ රාජකීය නියෝජිතයා ලෙස මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ මහතා මෙරටට පැමිණ සිටිනවා.
මෙවැනි රාජ්‍යතාන්ත්‍රික සංචාර හරහා දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
එමෙන්ම වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ විදේශ රැකියා ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීමට ද නායක දෙපළ එකඟ වී තිබෙනවා.
කෘෂිකාර්මික ක්ෂේත්රයට අවශ්‍ය තාක්ෂණික සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට තායිලන්තය සූදානම් බව ද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ඔහු පෙන්වා දෙන්නේ තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එරට පුරවැසියන්ට සමානව සලකන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳ පූර්ණ වගකීම දරන බවත්ය.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk