2026-09-15 16:05:00 Hours
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන එමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දස්කම් දක්වන රුමේෂ් තරංගගේ වටිනා හෙල්ල 5ක් ගුවන් ගමනකදී කැඩී විනාශ වූ බවට පළවන වාර්තාවත් සමඟ මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
අද (15) උදෑසන රුමේෂ් තරංග දිවයිනට පැමිණි ගුවන් ගමනේදී ඔහු පුහුණුවීම් සඳහා භාවිත කරන හෙල්ල 5කට හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් පිරිසක් තුර්කි ගුවන් සමාගමේ නිල ෆේස්බුක් ගිණුමට ගොස් සිය විරෝධය පළකරමින් අදහස් පළ කර තිබෙනවා.
විශේෂයෙන්ම ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වන ක්‍රීඩකයෙකුගේ පුහුණුවීම් සඳහා භාවිත කරන උපකරණ මෙලෙස හානි වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් සිය අප්‍රසාදය පළ කර ඇති බවයි දැකගත හැකි වන්නේ.
රුමේෂ් තරංග පසුගියදා පැවති වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 91.09ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමටද සමත් වුණා.
ඔලිම්පික් ශූරයන් ඇතුළු ලෝක මට්ටමේ ක්‍රීඩකයන් අභිබවා එවැනි විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් රුමේෂ්ගේ පුහුණුවීම් සඳහා භාවිත කරන උපකරණවලට සිදුව ඇති මෙම හානිය සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයද මේ වනවිට යොමුව තිබෙනවා.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තුර්කි ගුවන් සමාගම මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා තිබේද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරක් වාර්තා වී නැහැ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk