2026-10-15 12:28:00 Hours

Netflix සමාගමෙන් රැකියා 1,000ක් කප්පාදු කිරීමට තීරණයක්


...

ලොව ප්‍රමුඛ පෙළේ වීඩියෝ ප්‍රවාහන සේවා සපයන්නෙකු වන Netflix සමාගම සිය සේවක සංඛ්‍යාවෙන් සියයට 6ක් පමණ අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සේවකයින් 1,000කට ආසන්න පිරිසකගේ රැකියා අහිමි විය හැකි බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

සමාගමේ සම-ප්‍රධාන විධායක නිලධාරීන් වන ටෙඩ් සරැන්ඩොස් සහ ග්‍රෙග් පීටර්ස් විසින් නිකුත් කළ අභ්‍යන්තර සටහනක මේ බව සඳහන් වන බවයි වාර්තා වන්නේ.

සමාගමේ මෙහෙවර ඉටුකර ගැනීම සඳහා සේවකයින් සහ සම්පත් වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව යොදාගත යුතු බව එම සටහනේ දැක්වෙනවා.

Netflix සමාගම තවදුරටත් වීඩියෝ ප්‍රවාහන වෙළඳපොළේ ප්‍රමුඛ ස්ථානයක පසුවුවද, එහි ආදායම් වර්ධන වේගය මන්දගාමී වී ඇති බව සඳහන්.

ඒ අනුව, දෙවන කාර්තුවේදී සමාගමේ ආදායම සියයට 13.4කින් වර්ධනය වී ඇති අතර, පළමු කාර්තුවේදී එම අගය සියයට 16.2ක් ලෙස වාර්තා වී තිබෙනවා. තුන්වන කාර්තුව සඳහා සමාගම අපේක්ෂා කරන ආදායම් වර්ධන වේගය සියයට 11.7ක්.

එමෙන්ම, වසරේ ආරම්භයේ සිට සමාගමේ කොටස් මිල සියයට 15කින් පහළ ගොස් ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙවැනි පසුබිමක වියදම් පාලනය කිරීම සහ අඩු වියදම් අන්තර්ගතයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම රැකියා කප්පාදු තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk