2026-11-18 12:18:00 Hours
ලොව ප්රමුඛ පෙළේ සමාගම් රැසක් භාවිත කරන 'Optimizely' ඩිජිටල් වේදිකාවට හානිකර JavaScript කේත ඇතුළත් කිරීම හරහා ලොව ප්‍රකට වෙබ් අඩවි 178ක් පමණ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරය හරහා පරිශීලකයන්ගේ ණයපත් අංක සහ ක්‍රිප්ටෝ මුදල් සොරකම් කිරීමට මෙන්ම, ඇපල් උපාංගවලට අනිෂ්ට කේත ඇතුළත් කර ඒවා අවභාවිත කිරීමට ද හැකර්වරුන් උත්සාහ කර ඇති බව සඳහන්.
ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර Zoom, BBC, CNN, Salesforce, GitLab, IKEA, HSBC, Equifax, Air France-KLM, Ledger සහ Peacock වැනි ප්‍රකට වෙබ් අඩවි ද ඇතුළත් වනවා.
මෙම සයිබර් ප්‍රහාරය මුලින්ම අනාවරණය කරගත් ආරක්ෂක පර්යේෂක Scott Helme සඳහන් කර ඇත්තේ, නොවැම්බර් 16 වැනිදා පැය නවයක පමණ කාලයක් තුළ ප්රහාරකයන්ගේ ක්‍රිප්ටෝ පසුම්බි වෙත ඇමෙරිකානු ඩොලර් 7,040ක පමණ මුදලක් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක්වූ බොහෝ වෙබ් අඩවිවලින් හානිකර කේත මේ වනවිට ඉවත් කර ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් 'Optimizely' ආයතනය සඳහන් කර ඇත්තේ, සිය පාරිභෝගිකයන් කිහිපදෙනෙකුට බලපෑ මෙම ආරක්ෂක ගැටලුව හඳුනාගෙන එය පාලනය කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව, අනාරක්ෂිත මාර්ග අවහිර කර හානිකර කේත ඉවත් කිරීමට ද කටයුතු කළ බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk