2026-11-22 19:47:00 Hours
සිය ඉල්ලීම්වලට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් නොවැම්බර් 30 වැනිදා දැවැන්ත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට වෘත්තීය සමිති රැසක් අනතුරු අඟවනවා.
මෙවර අයවැයෙන් අපේක්ෂිත සහන නොලැබුණු බව පවසමින් පාර්ශ්ව කිහිපයක් මේ වනවිටත් විවිධ විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටිනවා.
ඒ අනුව, අයවැයට විරෝධය පළ කරමින් ගුරු, විදුහල්පති, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති හෙට (23) වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සැලසුම් කර තිබෙනවා.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ තෙවැනි අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ “ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය යුගයකට” යන තේමාව යටතේයි.
කෙසේ වෙතත්, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසන්නේ තම සංගමය හෙට පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් නොවන බවයි. ඒ වෙනුවට එළැඹෙන 30 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමය සඳහන් කරනවා.
මේ අතර, සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති කිහිපයක් ද හෙට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එක්වීමට නියමිතයි. තවත් රාජ්‍ය ආයතන රැසක් නියෝජනය කරන වෘත්තීය සමිති ද මෙම විරෝධතාවට සහභාගී වනු ඇති.
අයවැයෙන් සහන ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක ගුරුවරුන් අදත් විරෝධතාවල නිරත වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk