2026-11-22 13:10:00 Hours

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්


...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත්, එම සිදුවීම හේතුවෙන් නාරාහේන්පිට පිහිටි දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවා කටයුතුවලට බාධාවක් සිදුව නොමැති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව, හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි නාරාහේන්පිට කාර්යාලයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන සියලු දෙනා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කරවා ගත යුතු වනවා.

එමෙන්ම, වේලාවන් වෙන්කරවා ගැනීමේ පද්ධතියට සයිබර් ප්‍රහාරයෙන් කිසිදු බලපෑමක් සිදුව නොමැති බැවින්, https://dmtappointments.dmt.gov.lk/ මෙම වෙබ් අඩවිය ඔස්සේ සාමාන්‍ය පරිදි වේලාවක් වෙන්කරවා ගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk