2026-11-18 18:38:00 Hours
රුවන්වැලිසෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අද අනුරාධපුර මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, රුවන්වැලිසෑ පුදබිම ආසන්නයේ දන්සැල් භූමියේ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් මාරාන්තික උපවාසයක නිරතව සිටියදී, පසුගිය 12 වැනිදා තවත් පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණ ගැටුමක් ඇති කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සද්ධාරතන නමැත්තා පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව කරුණු දැක්වීමට අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කර තිබුණා.
ඒ අනුව, ගැටුමට සම්බන්ධ බව කියන සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිස අද ප්‍රකාශ ලබාගැනීම සඳහා අනුරාධපුර පොලීසියට කැඳවා තිබූ අතර, එහිදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk