2026-11-22 19:15:00 Hours
ශ්‍රී ලංකාවට අදාළ විස්තීරණ ණය පහසුකමේ හත්වැනි සමාලෝචනය ඇගයීමට ලක් කිරීම දෙසැම්බර් 2 වැනිදා සිදුකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවුවහොත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍යාධාරයක් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.
ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතයි.
එම වැඩසටහනේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතරතුරයි හත්වැනි සමාලෝචනය සිදුකිරීමට නියමිතව ඇත්තේ.
මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හත්වැනි සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk