2026-11-15 11:35:00 Hours

Four Seasons සුඛෝපභෝගී සංචාරක අත්දැකීමට 2028දී ශ්‍රී ලංකාවත් එක්වෙයි


...

ලොව ප්‍රකට Four Seasons Private Jet Experience සුඛෝපභෝගී ගුවන් සංචාරක වැඩසටහනට 2028 වසරේදී පළමු වරට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබෙනවා.

දින 23ක් පුරා ක්‍රියාත්මක මෙම සංචාරය සඳහා රටවල් අටක් ආවරණය වන අතර, විශේෂයෙන් නවීකරණය කළ Airbus A321 ගුවන් යානයකින් සංචාරකයින් 48 දෙනෙකු දක්වා පිරිසකට ඊට එක්විය හැකියි.

මෙම සංචාරය යටතේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් දකුණු වෙරළ තීරයේ පිහිටි කේප් වෙලිගම (Cape Weligama) හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත බව MJF Leisure සමාගමේ සභාපති මලික් ජේ. ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

මෙම සුඛෝපභෝගී සංචාරක අත්දැකීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 238,000ක සිට මිලක් අය කෙරෙන අතර, ඊට සම්පූර්ණ ජාත්‍යන්තර සංචාරයේ වියදම් ද ඇතුළත් වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk