2026-11-08 08:26:00 Hours

මැදපෙරදිග අමෙරිකානු කඳවුරු යළි හදන්න ඉඩ දෙන්නේ නෑ - ඉරාන හමුදාව


...

මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු යළි ගොඩනැඟීමට කිසිසේත් ඉඩ නොදෙන බව ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් අක්‍රමිනියා මේ බව සඳහන් කර ඇති බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ Fars පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ.

ඔහු පවසන්නේ කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු සහ හමුදා යෙදවීම් සිදුකරන ස්ථාන 228කට වැඩි සංඛ්‍යාවක් දැඩි හානිවලට ලක්ව හෝ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

එමෙන්ම, කලාපය තුළ මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව පවතින කිසිදු අමෙරිකානු හමුදා කඳවුරක් මේ වන විට ඉතිරිව නොමැති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු හමුදාවට සිය නෞකා සඳහා අවශ්‍ය ඉන්ධන සහ සෙබළුන්ගේ ආහාර සලාක පවා මැදපෙරදිග කලාපයෙන් පිටත ස්ථානවලින් සපයා ගැනීමට සිදුව ඇති බවයි ඉරාන හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk