2026-11-15 14:24:00 Hours

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරිය හමුවට කැඳවයි


...

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව හෙට (16) පෙරවරු 10ට අධිකාරිය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමාගම පියවර ගනු ලැබුවා.

ඒ අනුව රුපියල් 4,965ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම රුපියල් 1,988ක්ව පැවැති කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දැමීම හේතුවෙන් එහි නව මිල රුපියල් 2,720ක් ලෙස සටහන් වුණා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන්, නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය වැඩිවීම මෙම මිල සංශෝධනයට හේතු වූ බවයි සමාගම සඳහන් කර ඇත්තේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk