2026-11-14 09:17:00 Hours
රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් මෙම නිවස සහ ඉඩම ශිරාන් බාසික් විසින් සිය පියාගේ නමින් මිලදී ගෙන පසුව තෑගි ඔප්පුවක් මගින් සිය දියණියට පවරා දී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව, අදාළ නිවස සහ ඉඩම විකිණීම හෝ වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් ඊයේ (13) සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියදී පසුගියදා මෙරටට රැගෙන ආ ශිරාන් බාසික්ට අයත් තවත් දේපළ කිහිපයක්ද මේ වනවිට තහනම් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk