2026-10-26 10:14:00 Hours
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ එංගලන්තය සමඟ පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්රහණයත් සමඟ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ද පාකිස්තානයට හැකි වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241ක් රැස් කළා.
එහිදී බෙන් ඩකට් ලකුණු 105ක් ලබාගත් අතර, සෑම් කරන් ලකුණු 42ක් රැස් කළා. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 1ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 242ක් ලබාගනිමින් තරගයේ ජය තහවුරු කරගත්තා.
පාකිස්තාන ජයග්රහණයේ ප්රධානතම වීරයා බවට පත්වූ ෂදාබ් ඛාන් ලකුණු 113ක් රැස් කළා. පන්දු යැවීමේදී ජෙමී ඔවර්ටන් කඩුලු 3ක් දවාගත්තා.
පාකිස්තානය පරාජයේ අබියස සිටියදී ෂදාබ් ඛාන් සහ හරිෂ් රවුෆ් එක්ව දසවැනි කඩුල්ල සඳහා ලකුණු 89ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟීම තරගයේ විශේෂත්වයක් වුණා.
එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ සාර්ථක ලකුණු හඹා යාමකදී දසවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාව ලෙස මෙය සැලකෙනවා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා තිබුණේ 1975 වසරේදී පාකිස්තානයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයන් වන ඩෙරික් මරේ සහ ඇන්ඩි රොබට්ස් දසවැනි කඩුල්ල වෙනුවෙන් රැස්කළ ලකුණු 64ක සබඳතාවයි.
වසර 51ක් පැරණි එම වාර්තාව බිඳ හෙළමින් පාකිස්තානයට ජයග්රහණය හිමිකර දීමට ෂදාබ් ඛාන් සහ හරිෂ් රවුෆ් සමත් වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk