2026-11-13 08:14:00 Hours

කස්සප හිමි ඇතුළු හත්දෙනා ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට


...

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම පිරිස අතර කස්සප හිමියන්ට අමතරව තවත් ස්වාමීන් වහන්සේලා තිදෙනෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට මෙන්ම ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව කස්සප හිමි ඇතුළු පිරිස ඊයේ (12) පොලිස් භාරයට ගනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk