2026-10-23 10:28:00 Hours

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජය ඉහළින් සැමරිය යුතුයි - සංගක්කාර


...

පවන් රත්නායක, දසුන් ශානක, ජනිත් ලියනගේ සහ අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ට දක්ෂතා හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අත්කරගත් ඓතිහාසික ජයග්‍රහණය ඉහළින් සැමරීමට කණ්ඩායමට අයිතියක් ඇති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ජයග්‍රහණයේ සතුට භුක්ති විඳින අතරම, ඉදිරි අභියෝග ජයගැනීම සඳහා ද කණ්ඩායමේ අවධානය යොමු කළ යුතු බවයි.

ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සතු බව ද සංගක්කාර පෙන්වා දෙනවා.

ඒ අනුව, කණ්ඩායම ඉහළම තත්ත්වයට ගෙන ඒම සඳහා මෙම ජයග්‍රහණයෙන් පසුව ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ.

පාකිස්තාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරගයෙන් එංගලන්තය කඩුලු 2කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

රාවල්පින්ඩිහිදී පැවති තරගයේදී එංගලන්තය ලබාදුන් ලකුණු 430ක දැවැන්ත ඉලක්කය, පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වීම විශේෂත්වයක්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk