2026-10-27 18:07:00 Hours

කඩුලු 8ක විශිෂ්ඨ ජය සමඟින් ශ්‍රී ලංකාව අවසන් තරඟයට


...

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 25.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 110ක් පමණයි.

පාකිස්තාන ඉනිම අඩපණ කළ දිල්ෂාන් මධුශංක පන්දුවාර 8.3කදී ලකුණු 34ක් ලබාදී කඩුලු 5ක් දවාගත්තේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්. සහන් ආරච්චිගේ කඩුලු 2ක් බිඳහෙළූ අතර, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පාකිස්තාන පිතිකරුවන් අතරින් බාබර් අසාම් ලකුණු 29ක් රැස්කළ අතර, හසන් නවාස් ලකුණු 17ක් ලබාගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 111ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114ක් ලබාගනිමින් ජය තහවුරු කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් පන්දු 60කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 62ක් රැස්කළා. පවන් රත්නායක නොදැවී ලකුණු 23ක් ලබාගත් අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 16ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 8ක් ලබාගත්තා.

ඒ අනුව, තවත් පන්දු 191ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගයේ වීරයා ලෙස කඩුලු 5ක් දවාගත් දිල්ෂාන් මධුශංක නම් කෙරුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk