2026-11-11 10:52 Hours

කඩුගන්නාව - ගනේතැන්න මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කරයි


...

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ග කොටසේ එක් මංතීරුවක් විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කළේ, ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවදානම සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, වර්ෂාව පවතින අවස්ථාවලදී රාත්‍රී කාලයේ මාර්ගය වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, හැකි සෑම අවස්ථාවකදීම විකල්ප මාර්ග භාවිත කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

“මහනුවර ප්‍රධාන මාර්ගය අද උදෑසන 6.00ට අපි තාවකාලිකව විවෘත කරනු ලැබුවා. මාර්ග සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු පිරිසක් අද උදෑසන එක්ව එම ප්‍රදේශයේ භූමිය පරීක්ෂා කළා.

ඒ අනුව ඔවුන්ගේ නිර්දේශය මත අද දිනයේ එක් මංතීරුවක් විවෘත කිරීමට අපි කටයුතු කරනවා. මේ වන විට එය විවෘත කර තිබෙනවා.

ඒ වගේම එම ස්ථානයේ ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන නිසා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා, එම මාර්ගයේ ධාවනය හැකි තරම් සීමා කර විකල්ප මාර්ග භාවිත කරන ලෙස. එසේ නොවුණහොත් වාහන තදබදයක් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම හවස් වරුවේදී හෝ රාත්‍රී කාලයේදී අධික වැසි තත්ත්වයක් ඇති වුවහොත්, මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාත්‍රී කාලයේදී මාර්ගය වසා තැබීමට අපට සිදුවේවි.”



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk