2026-11-05 12:59:00 Hours
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය පැවැත්වෙන කාලසීමාව ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා දීර්ඝ කළ යුතු බවට එහි නිර්මාතෘ ලලිත් මෝඩි යෝජනා කර තිබෙනවා.
දැනට අප්‍රේල් සහ මැයි මාසවලට සීමා වී ඇති තරගාවලිය, වඩාත් දීර්ඝ කාලසීමාවක් තුළ පැවැත්වීම සුදුසු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කණ්ඩායම් 10ක් සහභාගී වන තරගාවලිය සඳහා ලීග් වටයේ තරග 90ක් සහ අවසන් වටයේ තරග හතරක් ඇතුළුව සමස්ත තරග 94ක් පැවැත්වීමට ද ලලිත් මෝඩි යෝජනා කර තිබෙනවා.
අප්‍රේල් සහ මැයි මාසවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ට සහ තරග සංවිධායකයන්ට ද විවිධ අපහසුතාවලට මුහුණදීමට සිදුවන බව ඔහුගේ අදහසයි.
ඒ අනුව ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ පවතින කාලගුණික තත්ත්වයන්ට ගැළපෙන පරිදි තරග සැලසුම් කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම ජනවාරි මාසයේදී IPL තරගාවලිය ආරම්භ කිරීම ද ලලිත් මෝඩි ඉදිරිපත් කර ඇති තවත් යෝජනාවක්.
ලොව ප්‍රධාන පෙළේ පාපන්දු ලීග් තරගාවලි ද දීර්ඝ කාලසීමාවක් තුළ පැවැත්වෙන බැවින්, IPL තරගාවලිය ද ඒ ආකාරයට සංවිධානය කිරීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk