2026-11-15 15:06:00 Hours

අනුරාධපුර නගර සැලැස්ම ගැන දැනුම් දීමට හෙට විශේෂ මාධ්‍ය හමුවක්


...

අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය හමුවට වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද සහභාගී වීමට නියමිතයි.

අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ද විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නගර සැලැස්ම සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම මෙම හමුවේ අරමුණ බවයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk