2026-11-05 09:01:00 Hours
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගැනීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන්ගෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
මෙම මැතිවරණ පරාජය ට්‍රම්ප්ගේ දේශපාලන අනාගතයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව ධවල මන්දිරයේ ඉහළ පෙළේ නිලධාරීන් වෙනස් කිරීම, පරිපාලනය තුළ විනය ඇති කිරීම මෙන්ම ඉරානය සමඟ පවතින යුද්ධය සහ තීරුබදු ප්‍රතිපත්ති ඇතුළු මතභේදාත්මක තීරණ යළි සලකා බලන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.
රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රවීණ දේශපාලන උපායමාර්ගිකයෙකු වන ජෝන් ෆීහෙරි මෙම මැතිවරණ ප්‍රතිඵලය ට්‍රම්ප්ට විශාල දේශපාලන පසුබෑමක් බව සඳහන් කර ඇති බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රතිඵලය තමන්ට එරෙහි ජනමතයක් ලෙස නොසලකන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk