2026-10-22 22:03 Hours

සිංහ කොල්ලෝ රාවල්පිණ්ඩිවලදී සුද්දන්ගේ බෝල දෙකට පලයි


...

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට කලකට අමතක නොවන විශිෂ්ට හඹායෑමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම, පාකිස්තාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරගයෙන් එංගලන්තය පරදා කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කළා.

රාවල්පින්ඩිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලබාදුන් ලකුණු 430ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්, පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ලකුණු 430ක් රැස්කරමින් ජයග්‍රහණය තහවුරු කරගත්තා.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී ලකුණු 430ක ඉලක්කයක් සාර්ථකව හඹා ගොස් ජයග්‍රහණය කළ මෙම අවස්ථාව, එවැනි හඹායෑම් අතර දෙවැනි ඉහළම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්වුණා.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 130ක් රැස්කළ අතර, දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 97 බැගින් ලබාගත්තා. ජනිත් ලියනගේ ලකුණු 61ක් රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබාදුන්නා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk