2026-10-01 20:32 Hours
2026 වසරේ සැප්තැම්බර් 30 වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇති සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 2 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වසරේ ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රැස්කර ඇති ආදායම රුපියල් බිලියන 2,040ක්.
2025 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 1,642ක ආදායමක් රැස්කර තිබූ අතර, ඒ අනුව මේ වසරේදී රුපියල් බිලියන 398ක වැඩිවීමක් සිදුව තිබෙනවා.
2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,401ක් වන අතර, සැප්තැම්බර් 30 වනවිට එහි සියයට 85ක ප්‍රමාණයක් සපුරා ඇත.
මේ අතර, සැප්තැම්බර් මාසය තුළ පමණක් රුපියල් බිලියන 288ක ආදායමක් රැස්කර ඇති අතර, එය 2025 සැප්තැම්බර් මාසයේ රුපියල් බිලියන 216ක ආදායමට සාපේක්ෂව රුපියල් බිලියන 72ක වැඩිවීමක්.
බදු ගෙවන්නන්ගේ ස්වේච්ඡා බදු ගෙවීම සඳහා වූ පෙළඹවීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව මෙම ආදායම් වර්ධනයට දායක වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk