2026-10-08 10:34:00 Hours
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී සියයට 1.1කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අගෝස්තු මාසය අවසානයේ අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සැප්තැම්බර් මාසය අවසානය වනවිට ඩොලර් මිලියන 6,851ක් දක්වා අඩුවී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
මෙම නිල සංචිත වත්කම් ප්‍රමාණයට චීන මහජන බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදනද ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk