2026-11-19 16:23:00 Hours

රොටුඹ අමිල හෙට දිවයිනට රැගෙන එයි


...

රුසියාවේදී අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රොටුඹ අමිල නමැත්තා හෙට (20) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ වන විට රුසියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් ඔහු අවශ්‍යව සිටින ප්‍රධාන සැකකරුවෙකු බව සඳහන්.

මෙරටින් පලාගොස් සැඟව සිටි රොටුඹ අමිල 2025 වසරේ මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk