2026-11-18 15:02:00 Hours
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා.
එම දඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
2016 මාර්තු 30 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉස්ලාම් දහමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.
ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ 291 වැනි වගන්තිය යටතේයි.
අදාළ චෝදනාවලට වරදකරු වූ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.
එම තීන්දුවට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk