2026-11-19 09:17:00 Hours
කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවිසැලක අද (19) උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ අවුරුදු 2ක් හා 6ක් වයසැති දරුවන් දෙදෙනෙක්.
ගින්න හටගත් දෙමහල් ගොඩනැගිල්ලේ පහළ මහලේ විද්‍යුත් උපකරණ අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇති අතර, මියගිය පවුලේ සාමාජිකයන් ඉහළ මහලේ රැඳී සිට ඇති බව සඳහන්.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ රථ තුනක් යොදවා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk