2026-11-18 13:44:00 Hours

ශෂී වීරවංශට නියම වූ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි


...

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කර තිබූ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළා.

ඒ, එම දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කරමින්.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එහිදී විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ වහාම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළා.

අදාළ සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් නියම කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk